Tuesday, December 1, 2015

Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල ඔබේ පරිගණකය වේගවත් කල හැකි ක්‍රම, පළමු කොටස









මෙහෙයුම් පද්ධතියක් අලංකාරව දැකීමට ඇත්නම් ලොකු කුඩා කවුරුත් පාහේ කැමති කරුණකි, නමුත් තම සතු පරිගණකයේ Ram ධාරිතාව , Video ධාරිතාව ගැන සලකා බැලූ කල එම තත්වයන් අඩු මට්ටමක පවතී නම් ඔබ ස්ථාපනය කරගෙන සිටින මෙහෙයුම් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට එය භාධාවක් නම් අපට මෙම පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට ක්‍රම කීපයක් ඔබ හමුවේ තැබීමට මම බලාපොරොත්තු වෙනවා හරි වැඩිය කතා නැතුව අපි වැඩේට බහිමු..


01.ඔබගේ Windows මෙහෙයුම් පද්ධතියේ Performance පාලනය කිරීම.

මෙහිදී කරනුයේ අප භාහිරට දකින ආකාරය Appearance අඩු කිරීමක් පමණි. 

පළමුව ඔබ ඔබගේ පරිගණකයේ My Computer මත 8.1 නම් This PC මත Right click කර එතැනින් Properties තොරා දෙන්න. ඉන් පසුව එන මෙනුවේ දකුණු පස ඇති නැවිගේෂන් පැනලයේ ඇති Advanced system settings යන්න click කරන්න. එතනින් පසුව එන මෙනුවේ Advanced යන tab එකට යන්න ඉන් පසුව Advanced යටතේ ඇති Performance යන කොටසට අධාල Settings බටනය click කිරීමෙන් අනතුරුව එන මෙනුව දක්වා ගමන් මග පහත රුප සටහනෙන් දැක්වේ.

මෙහිදී දී ඇති අනුපිලිවෙලට ගිය විට ලැබෙන මෙනුවේ Best appearance වලට හෝ Best Performance තෝරා දීමට Radio Button දෙකක් ලබා දී තිබෙන අතර Default select වී ඇත්තේ පරිගණකයට ලබා දිය යුතු Appearance මොනවද යන්න මෙහෙයුම් පද්ධතිය මගින් තොර දීමක් බවත් අප Manually මෙම කරන ක්‍රියාවෙන් අපට පරිගණකය වේගවත් කර ගත හැකිය. මෙහිදී අප විසින් ලබා දිය යුතු වන්නේ  Best Performance  යන්නයි එහිදී බාහිර ආටෝපය සඳහා  වියදම් වූ Ram  ධාරිතාව සහ Video ධාරිතාව නැවතත් පරිගණකයට ලබා දිය හැකිය.


02.Search Indexing Disable කිරීම.


යමක් අප Search කරන විටදී එය ලබා දීමට බොහෝ වෙලාවක් ගත වන්නේ මන්ද කියා ඔබ දන්නවාද?? මෙහිදී මෙම Search Indexing Services එක සාම අස්සක් මුල්ලක් පාසාම ඇති දත්තයන් Windows system එකෙහි හා records informationතුල ඇති Index හරා අවුස්සා බලනවා මෙන්ම, පද්ධතිය තුල ඇති Resources විනාශ කිරීමක්ද මේ මගින් සිදු වෙනවා. ඔබ නිතර නිතර හාරා අවුස්සන්නෙක් නම් මෙම අංගය ක්‍රියා විරහිත කර තැබීම ඔබගේ නුවනට හුරු වේ.


පහත රුප පෙළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔබට මෙම සේවාව අවලංගු කිරීම සම්බන්ද අදහසක් ලබා ගත හැකිය.























මෙමගින් Service Dialog Box එක ලබාගත හැකිය.


















දැන් ඔබට මෙම ලිස්ට් එක මගින් Windows Search Service එක සොයා ගෙන එහි Right Click කර  Properties තෝරා දෙන්න.

















ඉන් පසුව එය අවලංගු කරන්නේ මෙලෙසයි...























ඉන් පසුව OK කිරීමෙන් මෙම අංගය අවලංගු කල හැකිය.



03.ඔබගේ පරිගණකයේ ඇති Partitions Defragment කිරීම.


මෙම ක්‍රමය මගින් විශේෂයෙන්ම කරනු ලබන්නේ ඔබගේ Hard Drive එකෙහි තැනින් තැන ගබඩා වී ඇති දත්ත නිසි අයුරින් එක ක්‍රමයකට ගොඩ ගසා දීමයි මෙම අංගය ඉතාමත් කෙහෙසියෙන් සොයා ගත හැකි අතර  Defragment යයි Type කර Search කිරීමෙන්ද මම අංගය සොයා සත හැකිය.

මෙම උපාංගය භාවිතා කර අපට ලේසියෙන්ම අප සතු පරිගණකය Defrag කරගත හැකිය.



Cmd භාවිතා කර Defragment කරන අයුරු ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වනවා.

යමක් ඉගෙන ගැනීමට හැකි වූනා නම්, වැඩේ හොඳ නම් comment එකක් දාලම යන්න...

No comments:

Post a Comment